
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තිරිඟු පිටි මිල ඉහළ නැංවීම, අඛණ්ඩව ඉහළ යන උද්ධමනය සහ විදුලි බිලට එරෙහි විරෝධතා හේතුවෙන් කැළඹී ඇති පාකිස්තානය අත්පත් කරගත් කාශ්මීරයේ මුසාෆරාබාද් නුවර විරෝධතා මදක් පාලනය වී ඇතැයි පැවසෙයි.
ඒ, විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් සඳහා පකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් ධනාත්මක ප්‍රතිචාර දැක්වීමෙන් අනතුරුවයි.
විරෝධතාකරුවන් සහ ප්‍රාදේශීය ආන්ඩුව අතර පැවති සාකච්ඡා අඩපණ වීමෙන් පසු කලාපයට වහාම මුදා හැරීම සඳහා පාකිස්තාන රුපියල් බිලියන 23 ක සහනාධාරයක් අගමැති ෂෙබාස් ෂරීෆ් ඊයේ අනුමත කර ඇති බව පකිස්තාන මාධ්‍ය පවසයි.
කෙසේ වෙතත්, සහනාධාරය ලබා දීමට රජය ගත් තීරණය කලාපයේ නොසන්සුන්තාව පාලනය කිරීමට අසමත්ව ඇති බව ද පකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබේ.
කෙසේවෙතත් පකිස්තාන අග්‍රාමාත්‍යවරයා විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් සඳහා එකඟ වී ඇත්තේ එම විරෝධතා හමුවේ පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමෙන් අනතුරුවයි.
ආරක්ෂක අංශ සාමාජිකයින් සහ විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුමකදී ආරක්ෂක අංශ විරෝධතාකරුවන්ට වෙඩි තබා ඇතැයි වාර්තා වෙයි.
එම වෙඩි තැබීමෙන් අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තවත් හය දෙනෙකු තුවාල ලැබූ බව පකිස්තාන මාධ්‍ය වාර්තා කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart