
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරටට වාහන ගෙන්වීම අත්හිටවූ පසුව රාජ්‍ය නිලධාරීන් සඳහා නිකුත් කර ඇති තීරුබදු නිදහස් වාහන බලපත් සංඛ්‍යාව 25,508ක් බව කම්කරු ඇමැති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
ඒ අනුව මෙම වසරේ (2025) ජුනි මස 30 දා වන විට එම සංඛ්‍යාව නිකුත් කර ඇති නමුත් එම බලපත් සඳහා වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැති බව කී ඇමැතිවරයා, ඒවා මේ වන විටත් තාවකාලිකව අත්හිටුවා ඇතැයි ද කියාසිටියේය.
විපක්ෂ මන්ත්‍රී චාමර සම්පත් දසනායක විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මෙම වාහන බලපත් සන්තකයේ තබාගෙන සිටින රජයේ නිලධාරීන්ට යම් සහනදායී ක්‍රමවේදයක් ලෙස මසකට රුපියල් 50,000ක් හෝ අයවන පරිදි වාහන ගෙන්වීමට අවස්ථාව සලසන ලෙසත්, නැතිනම් එම බලපත් “පුච්චා අළු නලලේ ගාගැනීමට” එම නිලධාරීන්ට සිදුවනු ඇති බවත් සම්පත් මන්ත්‍රීවරයා කියාසිටියේය.
එම අය සඳහා ඩොලර්වලින් නොව රුපියල්වලින් හෝ එම සහනය ලබාදීමට ක්‍රියා කරන්නැයිද හෙතෙම ඉල්ලීය.
විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ උපදෙස් මත වැඩ කිරීමට ආණ්ඩුව සූදානම් නැතැයි ඊට පිළිතුරු දෙමින් ඇමැතිවරයා කී අතර, කඩාවට්ටන ලද ආර්ථිකයක් සහිත රටක් ඉදිරියට ගෙනයෑමේදී ඉතා පරිස්සමින් ආර්ථික තීන්දු තීරණ ගත යුතු යැයි ද කීය.
රාජ්‍ය නිලධාරීන් සඳහා එලෙස වාහන බලපත් නිකුත් කිරීමේදී 2025දී බලපත් 2043ක් පමණක් නිකුත් කර ඇතැයි කී අනිල් ජයන්ත ප්‍රනාන්දු, පසුගිය 2020දී 5373ක්, 2021දී 2972ක්, 2022දී 3340ක්, 2023දී 5718ක්, 2024දී 6062ක් වශයෙන් අදාළ බලපත් නිකුත් කර තිබෙන බව ද ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart