
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හාල් මෝලක් සහ වෑන් රථයක් ලබාදෙන බව පවසා රුපියල් මිලියන 21ක මුදලක් වංචා කළ පුද්ගලයකු මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු අම්පාර ප්‍රදේශයේ පදිංචි 32හැවිරිදි අයෙකි.
පොහොර ලබාදෙන බව පවසා මෙම පුද්ගලයා අම්පාර ප්‍රදේශයේ ගොවීන් හා ව්‍යාපාරිකයන් රවටා මුදල් වංචා කර තිබෙන බවද විමර්ශනවලදී හෙළිවී ඇත.
දිවයින පුරා පොලිසි රැසක මොහුට විරුද්ධව මූල්‍ය වංචා චෝදනා සම්බන්ධව පැමිණිලි තිබෙන බවද, දැනට සතියකට පමණ පෙර මෙම සැකකරු බන්ධනාගාරයෙන් නිදහස්ව පැමිණ ඇති බවද අනාවරණය වී තිබේ.
සැකකරු විසින් වංචාසහගත ලෙස විවිධ පුද්ගලයන්ගෙන් ලබාගත් මුදල් සියල්ලම කැසිනෝ සූදුව සඳහා වැය කර ඇති බව විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart