
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තායිලන්තයේ බැංකොක් නුවර දී අද ආරම්භ වූ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී පදක්කම් දෙකක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වූහ.
එහිදී නව ශ්‍රී ලංකා වාර්තාවක් ද බිහි කරමින් හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට නදීශා ලේකම්ගේ සමත් විය.
ඇගේ දක්ෂතාව මීටර් 60.93කි.
එම ඉසව්වේ රන් පදක්කම ජපානයට සහ රිදී පදක්කම චීනයට හිමි විය.
මිටර් 1500 කාන්තා ඉසව්ව නියෝජනය කළ ගයන්තිකා අබේරත්න එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූයේ විනාඩි 4. 14කින් තරගය නිමා කරමින්.
එම ඉසව්වේ රන් හා රිදී පදක්කම් දෙකම ජපාන ක්‍රීඩිකාවන් දිනා ගත්හ.
මේ අතර අරුණ දර්ශන සහ රාජිත රාජකරුණා මීටර් 400 පිරිමි ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.
අරුණගේ තරග නිමි කාලය තත්පර 45.79ක් වූ අතර සිය පෞද්ගලික හොඳම කාලය වාර්තා කළ රාජිත තත්පර 46.12ක කාලයක් වාර්තා කරමින් අවසන් තරගයේ සිය ස්ථානය වෙන් කර ගත්තේය.
නදීෂා රාමනායක මීටර් 400 කාන්තා ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ තත්පර 53.06ක කාලයක් වාර්තා කරමින්ය.
තුන්පිම්ම කාන්තා ඉසව්වට සහභාගී වූ රන්දි කුරේට හිමි වූයේ 6 වැනි ස්ථානයයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart