
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දේශීය විදේශීය සංචාරකයන් දහසය දහසකට ආසන්න පිරිසක් පසුගිය දීර්ඝ සති අන්තයේදී (ඔක්තෝබර් 4, 5 හා 6 දිනවල) හෝර්ටන්තැන්න නැරඹීමට පැමිණ ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘ඉරිදා මව්බිම’ට පවසා ඇත.
ඔක්තෝබර් මස හතර වන දා තුන්දහස් අටසිය පනස්අටක්, පස් වැනිදා පන්දහස් හත්සියයක් හා හය වැනිදා හයදහස් හාරසියයක් වශයෙන් සංචාරකයන් 15,965 දෙනෙකු එම දීර්ඝ සති අන්තයේදී හෝර්ටන්තැන්නට ඇතුළු වී ඇති බව වාර්තා වේ.
මෑත ඉතිහාසය තුළ දීර්ඝ සති අන්තයකදී වැඩිම සංචාරකයන් පිරිසක් හෝර්ටන්තැන්නට පැමිණි දින කිහිපය මෙය වන බව ද එම නිලධාරියා සඳහන් කර ඇත.
එම දින කිහිපය තුළ එක් දිනකදී ත්‍රිරෝද හා යතුරුපැදි හැර අනෙකුත් වාහන එක්දහස් දෙසීයක් පමණ හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට ඇතුළු කොට ඇති බවද ඔහු සඳහන් කර තිබේ.
ඒ අතරතුර එක් දිනකදී වාහන දෙසීයකට පමණ උද්‍යානයට ඇතුළු වීමට ඉඩනොදී ආපසු හරවා යැවීමට උද්‍යාන පාලනාධිකාරිය කටයුතු කොට ඇති බව ද වාර්තා වේ.
එහි පැමිණි ඇතැම් සංචාරකයන් සිය මෝටර් රථ එහි තණ පිටි මත පවා ධාවනය කරමින් නීතිවිරෝධී ආකාරයෙන් හැසිරී ඇති අතර එම පිරිසට එරෙහිව උද්‍යාන භාරකාරීත්වය නීතිමය ක්‍රියාමාර්ග පවා ගෙන ඇත.
ඉකුත් සැප්තැම්බර් මාසයේ අවසන් දින කිහිපයේ සිට හෝර්ටන්තැන්න ආශ්‍රිතව එකවර ‘නෙලු මල්’ පිපීම ආරම්භ වීමත් සමග බොහෝ පිරිසක් එහි යෑමට පටන් ගෙන ඇති නිසා උද්‍යානයට දරාගත හැකි පිරිස් ධාරිතාව ඉක්මවා ඇති බව නිලධාරීහු පෙන්වාදෙති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart