
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12 දෙනෙක් ජුනි 24 සිට 30 දක්වා චීනයේ ප්‍රදේශ කිහිපයක සංචාරයක නිරත වන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මෙසේ සංචාරයක කිරීමට නියමිතව ඇත්තේ චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ සාමාජිකයන් 12 දෙනෙකි.
චීන පාර්ශ්වයේ ආරාධනාවකට අනුව ඔවුන් ජුනි 24 සිට 30 දක්වා බීජිං, නින්ග්බෝ, ෂෙන්සෙන් සහ ගුවැන්ෂෝ වෙත සංචාරය කරනු ඇත.
චීන ජාතික මහජන කොංග්‍රසයේ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ, චීන කොමියුනිස්ට් පක්ෂයේ අන්තර්ජාතික දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සහ නගරාධිපතිවරුන් හමුවීමට ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සැලසුම් කර ඇතැයි චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.
මෙහිදී දුම්රිය මාර්ග, වරාය, විදුලි වාහන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ආදී ක්ෂේත්‍ර අධ්‍යයනයන් ද සිදු කෙරෙන බව චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර ඇත.
විදේශ ඇමැති අලි සබ්රිද මෙම කාලසීමාවේදී චීනයේ නිල සංචාරයක නිරතවීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart