
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට බන්ධනාගාරවල ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින බරපතල අඩුපාඩු හේතුවෙන් පසුගිය වසර හය තුළ ඒවායේ රඳවා සිටි සිරකරුවන් හෝ සැකකරුවන් 995 දෙනකු අත්අඩංගුවෙන් මිදීපළා ගොස් ඇතැයි වාර්තා වේ.
මෑත කාලීනව සිදුකළ විගණනයකට අනුව, ඔවුන්ගෙන් 554 දෙනෙකු මෙතෙක් නැවත අත්අඩංගුවට ගෙන නොමැත.
මෙරට අධිකරණවල අධිකරණ බලය යටතේ සිටින සියලුම සිරකරුවන්ගේ සහ රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින රැඳවියන්ගේ ආරක්ෂාව සහතික කිරීම මෙන්ම වගකිවයුතු පුරවැසියන් ලෙස ඔවුන් පුනරුත්ථාපනය කිරීම සහ සමාජගත කිරීම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වගකීමක් ලෙස පවතී.
2024 විගණනයේදී ඇප ගෙවා ඇති සැකකරුවන් නිදහස් කිරීමේදී පවතින ප්‍රමාදයන් ද අනාවරණය වී තිබේ.
ඇප ලබාදීම කඩිනමින් සිදුකළත්, සත්‍ය වශයෙන් නිදහස් කිරීම ඇතැම් විට අධිකරණ තහවුරු කිරීම් මත රඳාපවතින බවත්, සිකුරාදා දිනවල නියෝග නිකුත් කළවිට, ඊළඟ සඳුදා දින නිදහස් කිරීම් සිදුවිය හැකි බවත් විගනණයෙන් හෙළිකර ඇත.
විගණනයෙන් නිර්දේශ කර ඇත්තේ නීතිමය අවශ්‍යතාවලට අනුකූලව, ඇප ලබාදුන් දිනයේම සැකකරුවන් නිදහස් කළ යුතු බවයි.
මෙරට බන්ධනාගාර තුළ පවතින තදබදය තවමත් කනස්සල්ලට කරුණකි.
වර්තමානයේ මෙරට බන්ධනාගාරවල රැඳවියන් 10,350 ක් රඳවා තැබීමට පහසුකම් ඇතත්, මේ වනවිට 37,000 කට ආසන්න සංඛ්‍යාවක් රඳවා සිටියි.
මෙය සාමාන්‍ය නියමිත ධාරිතාවට සාපේක්ෂව 250% කට වඩා අධික ධාරිතාවකි.
පසුගිය වසරේදී මෙරට බන්ධනාගාර 27ක සිරකරුවන් 3,258 දෙනෙකුට සුළු දඩ මුදල් ගෙවීමට නොහැකිව රැඳීසිට ඇති අතර, එය තදබදයට සැලකිය යුතු ලෙස දායක වී තිබේ.
තදබදය සමනය කිරීම සඳහා සුදුසු සමාවක් යටතේ සුදුසුකම් ලත් සිරකරුවන් නිදහස් කිරීමට පියවර ගත යුතු බව විගණනය මගින් නිර්දේශ කර ඇත.
මීට අමතරව බන්ධනාගාර 21 ක සිරකරුවන් 1,252 දෙනෙකු ඇප ලබා දී තිබියදීත් තවදුරටත් පසුවන බවත්, ඔවුන්ගෙන් 55 දෙනෙකු වසරකට වැඩි කාලයක් ඇප මත සිටින බවත් විගණනයෙන් තවදුරටත් අනාවරණය වී තිබේ.
රැඳවියන්ට ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම, ඥාතීන් ඇප තැබීමට නොපැමිණීම සහ මූල්‍ය හැකියාව නොමැතිවීම හේතුවෙන් මෙම ප්‍රමාදයන් සිදුවී ඇති බව අනාවරණය වී තිබේ.
සිරකරුවන් නිදහස් කිරීම කඩිනම් කිරීම සඳහා අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණය කිරීමට සහ ඇප කොන්දේසි අඩු කිරීමට විධිමත් පියවර ගැනීමට විගණනයෙන් නිර්දේශ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart