
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම නුදුරු අනාගතයේ දී දිවයින පුරා ‘සුපෝෂ’ අලෙවිසැල් 100ක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව නිවේදනය කර ඇත.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පෙරේදා (ජූලි 4) කඳාන ප්‍රදේශයේ පිහිටි ත්‍රිපෝෂ සමාගමේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වූයේ දිවයින පුරා ත්‍රිපෝෂ නිෂ්පාදන බෙදා හැරීම සමාලෝචනය කිරීමට සහ අනාගත නිෂ්පාදන මුලපිරීම් තක්සේරු කිරීමටය.
සමාගමේ කටයුතු පවත්වාගෙන යෑමට අවශ්‍ය බඩඉරිඟු සපයා ගැනීම සඳහා ඍජු සහ විනිවිද භාවයෙන් යුතුව තීරණ ගෙන සැපයුම් යථාවත් කර ඇති බවත්, සමාගමේ යන්ත්‍ර සූත්‍ර පූර්ණ ධාරිතාවයෙන් පැය 24 පුරා ක්‍රියාත්මක කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ පිරිවිතරයන්ට අනුව අදාළ ප්‍රතිලාභීන්ට වෙත දිවයින පුරා බෙදාහැරීමේ කටයුතු ද කිසිදු බාධාවකින් තොරව සිදු කෙරෙන බව මෙහි දී ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් හි නව සභපති අමල් අත්තනායක ඇතුළු නිලධාරීන් අමාත්‍යවරයා දැනුවත් කර ඇත.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ත්‍රීපෝෂ සමාගම වැහෙන්න යන සහ ඈවර කිරීමට යන සමාගමක් ලෙස මෑත කාලයේ මාධ්‍ය තුළ, දේශපාලන වේදිකාව තුළ සහ ජනතාව අතර සාකච්ඡාවට ගැනුණ බවත්, විරුද්ධවාදීන් ඒ පිළිබඳ විශාල ප්‍රචාරයක් ගෙන ගිය බව ද පවසා ඇති සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, රජය පසුගිය මාස 09ක කාලය තුළ විවිධ පියවර අනුගමනය කරමින් ත්‍රිපෝෂ සමාගම ස්ථාවර කිරීමට කටයුතු කර ඇති බව ද පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart