
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කුප්‍රකට මිග්යානා ගනුදෙනුවට අදාළ නඩුවට වසර 10ක් ගතව ඇති බවත්, තමා මේ වන විට එම නඩුව වෙනුවෙන් 80 වතාවක් අධිකරණයෙන් කැඳවා ඇති බවත් මෙම නඩුවේ සැකකරුවකු ලෙස නම්කර ඇති රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග පවසයි.
එසේම මෙම නඩුවට අදාළව වසර 8 කට ආසන්න කාලයක් නීතිපතිවරයා විසින් උපදෙස් අධිකරණයට ලබාදී නොමැති බවද උදයංග වීරතුංග පවසයි.
පහතින් දැක්වෙන්නේ, මෙම නඩුවට අදාළව උදයංග වීරතුංග සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහනකි.
‘මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මිග්යානා ගනුදෙනුව පිළිබද විමර්ශන නඩුව 2015 මාර්තු 26 දින ගොනුකර, එහි මා සැකකරුවකු ලෙස නම් කර ඇති අතර එම ගණුදෙනුවට වගකිව යුතු නිලධාරීන් කිසිවකු සැකකරුවකු හෝ නොකිරීම දේශපාලන තීන්දුවක් වූ නමුත් එදා නීතිපති, පොලිස්පති ඊට වගකිව යුතුයි. දැනට වසර 8 කට ආසන්න කාලයක් නීතිපති විසින් නඩුවට අදාල උපදෙස් අධිකරණයට ලබා නොදීම පමණක් නොව පසුගිය වසර 5 කට වැඩි කාලයක් නීතිපති අධිකරණයට හෝ නොපැමිණිමෙන් ඔහුන් සිදූකරන්නේ අසාධාරණයක් පමණක් නොව දේශපාලන නායකත්වයේ අවශ්‍යතාවය මත රාජ්‍ය බලය අවභාවිතා කරමින් විරුද්ධ පාක්ෂිකයාගෙන් පලිගැනීම බව ශ්‍රීලාංකික ඔබට සටහන් කරමි.
අද මගේ 80 වැනි නඩු දිනයයි..
අදට ගෙවුණු කටුක දින 3,878 ක් පුරාවට මාගේ සියළු ගිණුම් අත්හිටුවමින් ශ්‍රී ලංකා රජය මෙතෙක් සිදුකල දේශපාලන පලිගැනීම් පරාජ කර, මා ඇතුළු අනිකුත් රාජ්‍ය නිලධාරීන් සදහා නිත්‍යානුකූලව සාධාරණ විසදුමක් ලැබෙන දිනය ඉදිරියේදී උදාවන බව විශ්වාස කරමි.’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart