
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න වෙඩි වැදී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 10කට අධික පිරිසකගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලීසිය පවසයි. වයස අවුරුදු 63ක් වූ ඒ මහතා පසුගිය 17 වැනිදා උදෑසන මාලඹේ, තලාහේන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී වෙඩි වැදී මියගොස් තිබිණි.
පොලිස් ආරංචි මාර්ගවලට අනුව, හිටපු පොලිස්පතිවරයා සිය ආරක්ෂාවට යොදවා සිටි පොලිස් සැරයන්වරයෙකුගේ ගිනි අවියක් පරීක්ෂා කිරීමේ මුවාවෙන් ලබාගෙන, එයින් වෙඩි තබාගෙන ඇති බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. මෙම මරණය සියදිවි නසා ගැනීමක් බවට සැකකෙරෙන බැවින්, පොලිස් ආචාර ධර්මවලට අනුව ඔහු වෙනුවෙන් නිල පොලිස් උත්තමාචාර පිරිනැමීමක් සිදු නොවන බව ද වාර්තා වේ.
සිද්ධිය වන අවස්ථාවේදී නිවසේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනාට අමතරව හිටපු පොලිස්පතිවරයාගේ බිරිඳ සහ බාල පුතා පමණක් රැඳී සිට ඇති අතර, මරණය පිළිබඳව විධිමත් පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසුරිය මහතා විසින් විශේෂ නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුව, කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මඟපෙන්වීමෙන් බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකය මඟින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. මීට අමතරව, නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් හා සහකාර පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ මාලඹේ පොලිස් ස්ථානාධිපතිවරයා ද වෙනම විමර්ශනයක් සිදුකරයි.
හිටපු පොලිස්පතිවරයාගේ දේහය හෙට (19) සිට බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තැබීමට නියමිතය. ඉන් අනතුරුව, ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සඳුදා (20) පස්වරුවේ බොරැල්ල පොදු කනත්තේදී සිදුකිරීමට නියමිත බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart