December 12, 2023

රංගල ප්‍රදේශයේ පොලිස් ස්ථානය පිහිටුවීම සඳහා ඉඩම් කොටසක් පවරා ගැනීමට ශ්‍රී ලංකා පොලිසියට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

රංගල පොලිස් ස්ථානය දැනට කුලී පදනම මත ගැටගහවෙල වතු සමාගමට අයත් ගොඩනැගිල්ලක පවත්වාගෙන යන බව රජය පවසයි.

ගොඩනැගිල්ලේ ඉඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් නිලධාරීන්ට නිසි පරිදි රාජකාරි කිරීමට අපහසු වී ඇත.

එබැවින් රංගල පොලිස් ස්ථානය පිහිටුවීම සඳහා උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් ඩක්වාරි වත්තෙන් අක්කර 02ක ඉඩමක් පොලිසියට පවරා ගැනීමට මහජන ආරක්‍ෂක ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙසේ කැබිනට් අනුමැතිය හිමිව තිබේ.