
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යුක්රේනයේ ශ්‍රී ලංකා තානාපතිනි හසන්ති උරුගොඩවත්ත දිසානායක යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි හමුවී සිය අක්තපත්‍ර ප්‍රදානය කර ඇත.
එරට ජනාධිපති කාර්යාලයේදී පැවැති මෙම හමුවේදී ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩිදියුණු කිරීම සහ යුක්රේනයට සාමය ගෙනඒම සඳහා ඒකාබද්ධ උත්සාහයන් ගවේෂණය කිරීම කෙරෙහි අවධානය යොමුව තිබේ.
ශ්‍රී ලංකා තානාපතිවරිය සමඟ කළ සංවාදයේදී, යුක්රේන ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, යුක්රේනය එක්සත් ජනපද නියෝජිතයන් සමඟ ඵලදායී සාකච්ඡාවල නියැලී සිටින බවත් හැකි ඉක්මණින් සාමය ළඟාකර ගැනීම සඳහා හැකි සෑම දෙයක්ම කිරීමට සූදානම් බවත්ය.
තවදුරටත් සාකච්ඡා ක්‍රියාවලියක් සඳහා අවශ්‍ය අඩිතාලම දැමීමට යුක්රේනය පියවර යෝජනා කර ඇති අතර, අනෙකුත් ජාතීන්ගෙන් මෙම ස්ථාවරයට සහාය ලබාගැනීමට අපේක්ෂා කරන බව යුක්රේන ජනාධිපති කාර්යාලය පවසයි.
“එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ අන්තර්ජාතික නීතිය මත පදනම්ව යුක්රේනයේ සාධාරණ හා කල් පවතින සාමයක් ලබාගැනීමේ මාවතේ වඩාත් ක්‍රියාකාරී සහයෝගය සඳහා අපි ශ්‍රී ලංකාවට කෘතඥ වෙමු,” වොලොඩිමියර් සෙලෙන්ස්කි සඳහන් කර ඇත.
විශේෂයෙන් වෙළඳාම, අධ්‍යාපනය, ආහාර සුරක්ෂිතතාව සහ වෛද්‍ය පුනරුත්ථාපන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව වර්ධනය කිරීමට යුක්රේනය උනන්දු වන බව ද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
යුක්රේනයේ ජනතාවට සාමය ප්‍රාර්ථනා කරන බව ශ්‍රී ලංකා තානාපතිනිය අවධාරණය කළ බව එම නිවේදනයේ සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart