
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිරුඑළියට නිරාවරණය නොවීම හේතුවෙන් විටමින් D ඌනතාව ළමුන් අතර බරපතල සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇතැයි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.
ඔහු පෙන්වාදෙන්නේ මීට වසර 20-30 කට පමණ පෙර මෙය ගැටළුවක් නොවූ බවයි.
වර්තමානයේදී දරුවන් එළිමහනේ ඉර අව්වට නිරාවරණය වී සෙල්ලම් කරනවා වෙනුවට ශිෂ්‍යත්ව විභාග සඳහා පාඩම් කිරීම, අමතර පන්ති සඳහා සහභාගී වීම, වීඩියෝ ක්‍රීඩාකිරීම, රූපවාහිනිය නැරඹීම සහ දුරකථන භාවිත කිරීම වැනි කටයුතු සඳහා නැඹුරු වී ඇතැයි වෛද්‍යවරයා පවසයි..
එබැවින් දරුවන්ට එළිමහනේ ගැවසෙමින් සෙල්ලම් කිරීමට අවස්ථාව සලසා දියයුතු බව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍යවරයා පෙන්වාදෙයි.
එමෙන්ම ඔහු පවසන්නේ, මැදපෙරදිග රටවල සහ යුරෝපීය රටවල දක්නට ලැබෙන විටමින් D ඌනතාව ස්වභාවිකව හිරුඑළිය ලබාගත හැකි ශ්‍රී ලංකාව තුළ ද දැන් වැඩි වැඩියෙන් දක්නට ලැබෙන බවයි.
සූර්යාලෝකයට නිරාවරණය වීමට හොඳම කාලය උදෑසන 9 ත් 11ත් අතර බව සඳහන් කරන ඔහු, දරුවන් හිරුඑළියට නිරාවරණය වීම ඉතා වැදගත් බව ද පෙන්වාදෙයි.
විටමින් D ඌනතාවය මගහරවා ගැනීම සඳහා හාල්මැස්සන්, බිත්තර කහමදය, මුරුංගා කොළ වැනි විටමින් ඩී බහුල ආහාර පරිභෝජනය කළ යුතු බව ද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart