
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ රජයේ සැලසුම්වලට විරෝධය පළකරන බව විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ එකමුතුව පවසයි.
ඔවුන් පවසන්නේ, එලෙස සිය විශ්‍රාම වැටුම් අහෝසි කිරීම සඳහා රජය සිය සැලසුම් ක්‍රියාත්මක කළහොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හරහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ එකමුතුවේ ලේකම් ප්‍රේමසිරි මානගේ සඳහන් කළේ, මෙම ගැටලුවට නීතිමය ක්‍රියාමාර්ගයක් නොගතහොත් ජිනීවා, ස්විට්සර්ලන්තයේ පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය, අන්තර් පාර්ලිමේන්තු සංගමය සහ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙත කරුණු ඉදිරිපත් කිරීම ඇතුළු ඉදිරි ක්‍රියාමාර්ග ද ගන්නා බවයි.
මන්ත්‍රීවරයකුගේ හෝ වෙනත් අයෙකුගේ හෝ විශ්‍රාම වැටුප අහෝසි කළ නොහැකි බව ද ප්‍රේමසිරි මානගේ පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වාදෙන්නේ, රාජ්‍ය සේවයේ විවිධ තනතුරු අතහැර මන්ත්‍රීවරුන් වූ පුද්ගලයන් සිටින බැවින් මන්ත්‍රීවරයකු වීමෙන් රාජ්‍ය සේවයේ තම සේවයට අදාළ විශ්‍රාම වැටුප අහිමි වන බවයි.
එවැනි පසුබිමක හිටපු මන්ත්‍රීවරුන් ලෙස තමන්ට හිමි විශ්‍රාම වැටුප අහිමිවීම මගින් තමන් දැඩි අසීරුතාවයකට පත් වන බව ද ඔහු අවධාරණය කරයි.
හිටපු මන්ත්‍රීවරයකු වසර පහක් දක්වා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීම සඳහා වැටුපෙන් තුනෙන් එකක් ද, වසර 10ක් දක්වා සේවය කිරීම සඳහා තුනෙන් දෙකක් ද, වසර 15ක් හෝ ඊට වැඩි කාලයක් සේවය කර ඇත්නම් සම්පූර්ණ වැටුපද හිමිවන බව ද ඔහු වැඩිදුරටත් පැහැදිලි කරයි.
මීට අමතරව, හිටපු මන්ත්‍රීවරුන්ගේ මූල්‍ය තත්ත්වය පිළිබඳව කනස්සල්ල පළකරන ඔහු පවසන්නේ, ඇතැම් මන්ත්‍රීවරුන් තමන්ට ජීවත්වීමට නිවසක් හෝ නොමැතිව ඉතා අසීරු තත්ත්වයක පසුවන බව සහ ඖෂධ මිලදී ගැනීමට පවා අසීරුවෙන් සිටින බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart