
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජර්මනියේ පැවැති Anhalt 2024 මලල ක්රීඩා ශුරතා තරගාවලියේ දී තත්පර 10.16ක කාලයක් සමඟින් පිරිමි මීටර 100 ඉසව්වේ ප්රථම ස්ථානය දිනාගැනීමට යුපුන් අබේකෝන් සමත් විය.
අවසන් තරගය ඊයේ (24) ශ්රී ලංකාවේ වේලාවෙන් රාත්රී 11.35 ට පැවැත්වුණු අතර, යුපුන් තත්පර 10.16ක කාලයක් වාර්තා කරද්දී දෙවැනි සහ තෙවැනි ස්ථාන වාර්තා කළ කාලය වන්නේ පිළිවෙලින් තත්පර 10.17ක් සහ 10.21කි.
පිරිමි මීටර් 100 ඉසව්වේ පළමු වටයේ තරඟය (Heat) ජය ගනිමින් යුපුන් මෙම අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ තත්පර 10.15ක කාලයක් වාර්තා කරමිනි.
දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙස යුපුන් අබේකෝන් සැළකේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart