
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රජයේ රෝහලක ගිලන් රථයක් තුළ සෞඛ්‍ය කාර්ය සහායිකාවකට ලිංගික අතවර කර පහරදීම සම්බන්ධව එම ගිලන් රථයේම රාජකාරි කළ බව කියන සෞඛ්‍ය සේවකයකු කිරිබත්ගොඩ පොලිසිය මගින් ඉකුත් පසුගියදා (11 දා) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
ඊට පෙරදින (10දා) පස්වරුවේ රජයේ රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් කීපදෙනකු රාගම මහ රෝහලට ඇතුළත් කොට ආපසු සිය රෝහල වෙත පැමිණෙමින් සිටියදී මේ සිද්ධිය සිදු වී ඇතැයි පැවැසේ.
මේ සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගත් එම සෞඛ්‍ය සේවකයා කඩවත ප්‍රදේශයේ පදිංචි හතළිස් හැවිරිදි පුද්ගලයෙකි.
කිරිබත්ගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart