
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හංගේරියාවේ බුඩාපෙස්ට් නගරයේ පැවති ලෝක මලල ක්‍රීඩා අවසන් ශූරතාවලියේදී පිරිමි හෙල්ල විසිකිරීමේ ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් තරංග යළි දිවයිනට පැමිණීමේදී, ඔහු භාවිත කළ විශේෂිත හෙල්ල කිහිපයකට ගුවන් ගමන අතරතුරදී දැඩි හානි සිදුවී තිබිණි.
තුර්කි ගුවන් සේවයේ (Turkish Airlines) TK730 දරන ගුවන් යානයෙන් ඉස්තාන්බුල් හරහා කොළඹට පැමිණි අවස්ථාවේදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දීමට ඔහුට සිදුවී තිබේ.
මෙලෙස හානි වී ඇත්තේ බුඩාපෙස්ට් නගරයේදී මීටර් 91.09 ක දුරක් වාර්තා කරමින් රන් පදක්කම දිනාගත් අවස්ථාවේදී සහ සූරිච් නගරයේදී මීටර් 92.07 ක දක්ෂතාවක් පෙන්වූ අවස්ථාවේදී ඔහු භාවිත කළ ප්‍රධාන හෙල්ල ඇතුළු හෙල්ල කිහිපයකි.
ඉදිරි ආසියානු ක්‍රීඩා උළෙල, ලෝක ශූරතා සහ 2028 ඔලිම්පික් තරඟ සඳහා මෙම උපකරණ භාවිත කිරීමට ඔහු දැඩි අපේක්ෂාවෙන් සිටි බවත්, ගුවන් සේවයේ අතපසුවීමක් ලෙස මෙය සලකන බවත්, තවදුරටත් එය විශාල ප්‍රශ්නයක් කර නොගෙන තමා ඉදිරියට යන බවත් රුමේෂ් තරංග පැවසුවද, මේ වන විටත් ඔහු ඒ සම්බන්ධයෙන් ගුවන් සේවයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මෙම සිදුවීමත් සමඟ ශ්‍රී ලංකිකයින් සහ ක්‍රීඩා ලෝලීන් තුර්කි ගුවන් සේවයට එරෙහිව විශාල විරෝධයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළකරමින් සිටියි. ඒ අතර ඇතැම් පිරිස් මෙවැනි අදහස් දක්වා තිබිණි.
“මම ලංකාවට එන්න හිතාගෙන හිටිය එයාලයින් එක… මේ දැම්මම කැන්සල් කළා.. මම වෙන එයා ලයින් එකකින් ලංකාවට යනවා… ආයේ ජීවිතේටවත් මේකේ යන්නේ නෑ…”
“Turkish Airlines උබලා අපේ රටේ ක්‍රීඩකයගෙන් සෘජුවම සහ ප්‍රසිද්ධියේ සමාව ගත යුතුයි. You must apologize directly and publicly to the Sri Lankan player.”
“ගමේ යද්දි ලදරම් CTB බස් එකේ බිත්තරත් අපි අරන් යනවා. තොපේ අහස් යන්ත්රාවෙී හෙල්ලක් පරිස්සම් කරගන්න බෑනේ”
“වරෙවු තොපි ඔක්කොම … පිටකොටුවෙ අපෙ නාට්ටාමි සෙට් එකෙන් ඉගනගනින් බඩු ඩැමේජ් නොවෙන්න ගෙනියන්නෙ කොහොමද කියලා …”
මේ අතර, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් පවසා ඇත්තේ රුමේෂ්ට අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුත් නව හෙල්ල කට්ටලයක් ලබාදීමට රජය කටයුතු කරන බවත්, ගුවන් සේවයෙන් අදාළ වන්දි අයකර ගැනීමට පියවර ගන්නා බවත්ය.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart