September 16, 2026

කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ නව චීන තනාපති වේයි හුආශියැං හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී තිබේ.

මෙම හමුව සඳහා චීන නියෝජ්‍ය තනාපති ෂූ යැන්වේ, උපදේශක මේයි ජිං සහ තෙවැනි ලේකම් ජින් එන්සේ යන පිරිස ද සහභාගී වී ඇත.

වේයි හුආශියැං ශ්‍රී ලංකාවේ නව චීන තනාපතිවරයා ලෙස මෑතකදී ධුරයේ වැඩ භාරගත්තේය.