
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යෝෂිත රාජපක්ෂ හා ඔහුගේ මිත්තණියක වන ඩේසි ෆොරස්ට්ට නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ යළිත් අධිචෝදනා ගොනුකර තිබේ.
උපයාගත් ආකාරය හෙළිදරව් කළ නොහැකි රුපියල් මිලියන 59ක හවුල් ගිණුමක් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් මෙම අධිචෝදනා ගොනුකිරීම සිදුකර ඇත.
විමර්ශනවලදි හෙළි වී ඇත්තේ, ඩේසි ෆොරස්ට් වත්කම් ඇති කාන්තාවක් නොවන බවයි.
ඇය රාජපක්ෂ පවුලේ ආදායමින් යැපෙන්නියක බවද හෙළිව තිබේ.
මේ අතර මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට්ට මීට පෙර නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්ර ගොනුකෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart