
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2026 ඔක්තෝබර් මස 16 දින හෝ ඊට ආසන්න දිනකදී ගල්ගමුව, සියඹලන්ගමුව ප්රදේශයේදී සිදු වූ ‘කාවන්තිස්ස’ ඇතාගේ මරණය සම්බන්ධයෙන් සියලු කරුණු විමර්ශනය කිරීම, වන අලි සුබසාධනය සඳහා සම්මත මෙහෙයුම් පටිපාටියක් සකස් කිරීම සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනකට අදාළ නිර්දේශ ලබාදීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් විශේෂඥ කමිටුවක් පත්කරනු ලැබ තිබේ.
හිටපු අමාත්යාංශ ලේකම් ඒ.එච්. සරත් විජේසිංහගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයෝ ලෙස මහාචාර්ය ටී. සමින්ද ප්රනාන්දු, මහාචාර්ය ඒ.ජී. අනිල් පුෂ්පකුමාර, මහාචාර්ය යූ.කේ. කාලිංග පද්මලාල්, ආචාර්ය ජගත් ගුණවර්ධන සහ නීතිඥ චරක ජයරත්න යන පිරිස කටයුතු කරති.
මෙම විශේෂඥ කමිටුවේ සම්බන්ධීකාරක ලෙස ජනාධිපති අතිරේක ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්. හැරිසන් කටයුතු කරනු ඇත.
‘කාවන්තිස්ස’ ඇතාගේ මරණය සිදුවූ ආකාරය, ඊට බලපෑ ආසන්න හා වක්ර හේතු, ප්රතිකාර කටයුතුවලදී යම් අතපසුවීම් හෝ නොසැලකිලිමත්කම් සිදුවී තිබේද යන්න පිළිබඳව සොයාබැලීම මෙන්ම වන අලි සුබසාධනය සඳහා සම්මත මෙහෙයුම් පටිපාටියක් සකස් කිරීම සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනකට අදාළ නිර්දේශ ලබාදීම මෙම කමිටුවට පැවරේ.
මෙම කටයුත්තේදී දේශීය සහ විදේශීය විශේෂඥයන්ගේ සහාය ලබාගැනීමටද මෙම කමිටුවට බලය පැවරී ඇත.
ඒ අනුව, කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් වන සිය අවසන් විමර්ශන වාර්තාව, යෝජිත වන අලි සුබසාධනය සඳහා සම්මත මෙහෙයුම් පටිපාටි රාමුව සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනකට අදාළ වන යෝජනාවලිය ඇතුළ සම්පූර්ණ වාර්තාව දින 30ක් ඇතුළත ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
(ජනාධිපති මාධ්ය අංශය)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart