October 19, 2026

අද (19) සිට ලබන බදාදා (21) දක්වා පුරා දින තුනක් දිවයින පුරා පැයක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව, සමස්ත රටම කාණ්ඩ හතරකට බෙදා ඇති අතර, පස්වරු 4.30 ත් රාත්‍රී 9.00 ත් අතර කාලය තුළ සෑම කාණ්ඩයකටම දිනපතා පැයක විදුලි විසන්ධි කිරීමක් සිදුකිරීමට නියමිතය.

ඔක්තෝබර් 19, 20 සහ 21 යන දිනවල එක් එක් කාණ්ඩය සඳහා විදුලිය විසන්ධි වන කාලසටහන මෙසේය:

අද (19):

1 කාණ්ඩය: පස්වරු 4.30 ත් 5.00 ත් අතර ආරම්භ වී පැයක්

2 කාණ්ඩය: පස්වරු 5.30 ත් 6.00 ත් අතර ආරම්භ වී පැයක්

3 කාණ්ඩය: පස්වරු 6.30 ත් 7.00 ත් අතර ආරම්භ වී පැයක්

4 කාණ්ඩය: රාත්‍රී 7.30 ත් 8.00 ත් අතර ආරම්භ වී පැයක්

අඟහරුවාදා (20):

4 කාණ්ඩය: පස්වරු 4.30 ත් 5.00 ත් අතර ආරම්භ වී පැයක්

1 කාණ්ඩය: පස්වරු 5.30 ත් 6.00 ත් අතර ආරම්භ වී පැයක්

2 කාණ්ඩය: පස්වරු 6.30 ත් 7.00 ත් අතර ආරම්භ වී පැයක්

3 කාණ්ඩය: රාත්‍රී 7.30 ත් 8.00 ත් අතර ආරම්භ වී පැයක්

බදාදා (21):

3 කාණ්ඩය: පස්වරු 4.30 ත් 5.00 ත් අතර ආරම්භ වී පැයක්

4 කාණ්ඩය: පස්වරු 5.30 ත් 6.00 ත් අතර ආරම්භ වී පැයක්

1 කාණ්ඩය: පස්වරු 6.30 ත් 7.00 ත් අතර ආරම්භ වී පැයක්

2 කාණ්ඩය: රාත්‍රී 7.30 ත් 8.00 ත් අතර ආරම්භ වී පැයක්

විදුලි බිඳවැටීමකින් පසු ලක්විජය බලගාරයේ ජනන කටයුතු අක්‍රිය වීම හේතුවෙන් ඇතිවූ විදුලි හිඟය පියවා ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලයට සිදු වන්නේ නම් පමණක් මෙම විදුලි කප්පාදුව ක්‍රියාත්මක වන බව කාලසටහනෙහි දක්වා ඇත.

විදුලි ඉල්ලුම, පවතින ජනන ධාරිතාව සහ කාලගුණික තත්ත්වයන් මත විදුලිය විසන්ධි කරන සහ නැවත ලබාදෙන වේලාවන් විනාඩි 30 කින් පමණ වෙනස් විය හැකි බව ද බලධාරීහු ප්‍රකාශ කරති.

ඔක්තෝබර් 19 සිට 21 දක්වා පැයක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් අනුමැතිය ඉල්ලා සිටි බව ජාතික පද්ධති මෙහෙයුම්කරු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධික සමරසිංහ අද පෙරවරුවේ නිවේදනය කළේය.