
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
67 වැනි වාර්ෂික ග්‍රැමී සම්මාන උළෙලේ ‘හොඳම ගෝලීය සංගීත ඇල්බමය’ කාණ්ඩයේ සළකා බැලීම සඳහා ශ්‍රී ලාංකික ගායිකා යොහානිගේ මංගල ඇල්බමය වන ‘කෙල්ල’ නිල වශයෙන් ඉදිරිපත් කර ඇති බව ඇය නිවේදනය කරයි.
“67 වැනි වාර්ෂික ග්‍රැමී සම්මාන උළෙලේ හොඳම ගෝලීය සංගීත ඇල්බමය කාණ්ඩයේ සළකා බැලීම සඳහා මගේ පළමු ඇල්බමය වන කෙල්ල නිල වශයෙන් ඉදිරිපත් කර ඇති බව දැනුම්දෙමි! මේ මොහොත මට පමණක් නොව, අපට වඩා විශාල දෙයක් විශ්වාස කිරීමට එඩිතර වන මගේ දිවයිනේ සෑම කලාකරුවකුටම සහ සිහින දකින්නකුට සැමරුමක් ලෙස හැඟේ.
කෙල්ල නිර්මාණය කළේ ආදරයෙන්, අපේ සම්ප්‍රදායන් තුළ මුල් බැසගෙන, ලෝකයේ නවීන ශබ්ද සමඟින්. සෑම තාලයක්ම, සෑම ගී පදයක්ම මගේ රට සහ හදවත පිළිබිඹු කරයි, ”ඇය සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත.
යොහානිගේ කුළුඳුල් ඇල්බමය වන ‘කෙල්ල’ ගීත 14කින් සමන්විත වන අතර එය සම්පූර්ණයෙන්ම ඇය විසින්ම රචනා කර ඇතැයි පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart