
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නෙදර්ලන්තයේ පවතින ශ්‍රී ලාංකීය ප්‍රභවයක් සහිත පුස්කොළ එකතූන් පිළිබඳ පර්යේෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.
ඒ සඳහා ශ්‍රී ලංකාවේ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට, නෙදර්ලන්තයේ නිදහස් විශ්වවිද්‍යාලය ඇතුළුව පාර්ශ්වකරුවන් පස්දෙනෙකු සමඟ කටයුතු කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.
ඊට අදාළ කැබිනට් යෝජනාව පහතින් දැක්වේ.
‘නෙදර්ලන්තයේ ලන්දේසි පර්යේෂණ කවුන්සිලය විසින් යටත්විජිත සංදර්භයක් සහිත එකතූන් පිළිබඳ පර්යේෂණ යෝජනා ඉදිරිපත් කරන ලෙස සිදු කළ අන්තර්ජාතික යෝජනා කැඳවීමකට අනුව ඉදිරිපත් කරන ලද යෝජනාවක් මත පදනම්ව, ශ්‍රී ලාංකේය ප්‍රභවයක් සහිත නෙදර්ලන්තයේ පුස්කොළ එකතූන් පිළිබඳ පර්යේෂණ සිදු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට, නෙදර්ලන්තයේ නිදහස් විශ්වවිද්‍යාලය ඇතුළුව පාර්ශ්වකරුවන් පස්දෙනෙකු සමඟ යුරෝ 384,248ක තරගකාරී ප්‍රදානයක් දිනා ගැනීමට හැකි වී ඇත. “Whose Knowledge, Whose Values? Palm Leaf Manuscripts and the Question of Colonial Collections in Dutch Heritage Institutions” යන ප්‍රදාන මාතෘකාව යටතේ 2025 සිට 2029 දක්වා කාලය තුළ යෝජිත පර්යේෂණය සිදු කිරීමට අවස්ථාව සැලසී තිබේ. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඒකාබද්ධ පාර්ශ්වකරුවන් හයදෙනා අතර අත්සන් තැබීමට නියමිත ගිවිසුමට නීතිපතිගේ නිෂ්කාශනය, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ නිර්දේශය සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ එකඟතාව ලැබී ඇත. ඒ අනුව, යෝජිත ගිවිසුමට අත්සන් තැබීමටත්, 2025 – 2029 කාලසිමාව තුළ එකී පර්යේෂණය සිදු කිරීමටත් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart