
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2021 එක්ස් ප්‍රෙස් පර්ල් ව්‍යසනය සම්බන්ධයෙන් වන්දි ඉල්ලා ශ්‍රී ලංකාව හෙට(24) සිංගප්පූරු අධිකරණය හමුවේ නඩු පවරන බව නීතිපති දෙපාර්තමේන්තු වාර්තා සඳහන් කරයි. යාත්‍රාවේ ලියාපදිංචි හිමිකරු, ක්‍රියාකරු සහ කළමනාකරුවන් ඇතුළු නඩුවේ අනාගත විත්තිකරුවන් වන පාර්ශ්ව සියල්ල සමාගම් ලෙස සිංගප්පූරුවේ ලියාපදිංචිවී ඇති බැවින්, මෙලෙස එක්ස් ප්‍රෙස් පර්ල් ව්‍යසනය සම්බන්ධයෙන් නඩු පැවරීමට සිංගප්පුරුව සුදුසු බවට නීතිපති දෙපාර්තමේන්තුව මීට පෙර සඳහන් කර තිබිණි.
අනතුර හේතුවෙන් නෞකාවෙන් සාගරයට මුදාහැරුණු ‘ප්ලාස්ටික් නර්ඩ්ල්” ඇතුළු අපද්‍රව්‍ය නිසා ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසරයට දිගු කාලීනව සිදුවන හානියේ සම්පූර්ණ ප්‍රමාණය සහ තවත් කරුණු කිහිපයක් පදනම් කරගෙන වන්දි ඉල්ලමින් මෙම නඩුව පැවරෙනු ඇතැයි පැවැසේ.
කෙසේවෙතත්, එක්ස් ප්‍රෙස් පර්ල් ව්‍යසනය සම්බන්ධයෙන් සිංගප්පූරුවේ නීතිමය ක්‍රියාමාර්ගයක් ගොනු කිරීමට ගත් තීරණය මතභේදයට තුඩු දී ඇත. ඇතැම් නීති විශාරදයින් සහ රාජ්‍ය ආයතන පවසන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ දරුණුතම සමුද්‍ර ව්‍යසනය සම්බන්ධයෙන් බලධාරීන්ට තම නඩුව ඔප්පු කිරීමට ශ්‍රී ලංකාවේ අධිකරණ ව්‍යුහය වඩාත් හිතකර වනු ඇති බවයි.
සිංගප්පූරුවේ ධජය සහිත බහාලුම් යාත්‍රාව 2021 මැයි 20 වන දින කොළඹට ඔබ්බෙන් ගිනිගන්නා අවස්ථාව වනවිට බහාලුම් 1488 ක් ප්‍රවාහනය කරමින් තිබිණි. නයිට්‍රික් අම්ලය ටොන් 25 ක්, තෙල් ටොන් 348 ක් සහ ප්ලාස්ටික් නර්ඩ්ල් ලෙස හැඳින්වෙන කුඩා ප්ලාස්ටික් පෙති බිලියන 75 ක් ඇතුළුව භයානක යැයි වර්ගීකරණය කරන ලද භාණ්ඩ සහිත කන්ටේනර් 81 ක්ද එහි විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart