
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ටොන් ගණනාවක් බරැති ලොව විශාලතම කුරුවින්ද මැණික් පොකුර (Corundum Sapphire) අලෙවි කිරීමට සූදානම් වේ.
ගෝලීය ප්‍රවර්ධන අන්තර්ජාතික සහ කේසර සිංහ ජෙම්ස් පෞද්ගලික සමාගම ලබන 11 වැනිදා කොළඹ නවම් මාවත, ලංකා වාණිජ මණ්ඩල වෙන්දේසි ශාලාවේදී පැවැත්වීමට නියමිත මැණික් හා ස්වර්ණාභරණ පොළ අවස්ථාවේදී මෙය සිදුකිරීමට නියමිතය.
මෙරට මැණික් වෙළෙඳාම යළිත් ඔසවා තබමින් ශ්‍රී ලංකාවේ මැණික් නාමය අන්තර්ජාතික වෙළෙඳපොළට රැගෙන යෑමේ අරමුණින් ගෝලීය ප්‍රවර්ධන ජාත්‍යන්තරය සහ කේසර සිංහ ජෙම්ස් පෞද්ගලික සමාගම මෙය සංවිධාන කරයි.
මෙරට ඈත පිටිසර පළාත්වලින් හමුවන මැණික්වලට ඉහළ සහ සාධාරණ මිලක් කොළඹ වෙළෙඳපොළේ දී ලබාදීමේ අරමුණින් මේ මැණික් පොළ සංවිධාන කරන බව ගෝලීය ප්‍රවර්ධන ජාත්‍යන්තරයේ ප්‍රධාන විධායක නිලධාරි, ආචාර්ය තිලකසිරි විතාරණ පවසයි.
කොළඹ මැණික් වෙන්දේසියට අමතරව තායිලන්තය, සිංගප්පූරුව, ජපානය, අමෙරිකාව ඇතුළු ලොව පිළිගත් මැණික් වෙළෙඳපොළ වෙත මෙරට වෙළෙඳුන්ගේ මැණික් යොමු කිරීමටත්, ඒ හරහා ඔවුන්ගේ ආදායම් වැඩි කිරීමටත් මෙයින් අපේක්ෂා කෙරේ.
ඒ සඳහා මෙරට ආධුනික මැණික් වෙළෙඳුන්ට ද අවස්ථාව උදාකිරීම තම අරමුණ බව ද විතාරණ මහතා පැවසීය. කොළඹ විශ්වවිද්‍යාලයේ නිෂ්පාදන කළමනාකරණය හා අලෙවි කළමනාකරණය පිළිබඳ සහ මොරටුව විශ්වවිද්‍යාලයේ මැණික් විද්‍යාව පිළිබඳ බාහිර කථිකාචාර්ය, ආචාර්ය සත්‍යජිත් ධර්මප්‍රිය බුත්පිටිය මහතා විශාලතම මැණික් පොකුර පරීක්ෂා කිරීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ මේ අලෙවියට ඉඩ තැබීමෙන් මැණික් වෙළෙඳාම් ඉතිහාසයේ විශාලතම ගනුදෙනුවක් සිදු වනු ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart