October 11, 2026

සෑම අයෙකුටම නීතිය එක ලෙස ක්‍රියාත්මක වන රටක් නිර්මාණය කිරීම තම රජයේ ප්‍රධාන අරමුණ බවත්, නීතිය නමා වැඩකිරීමට කිසිසේත්ම සූදානම් නැති බවත් ජනාධිපතිවරයා පැවැසීය.

අද නිකවැරටිය ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ, නීතිය සැමට සාධාරණව හා සමානව ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීම ලේසි පහසු කටයුත්තක් නොවන බවත්, එලෙස නීතිය ක්‍රියාත්මක වන විට පැරණි නීති පද්ධතියෙන් රැකවරණය සහ ආරක්ෂාව ලැබූ පිරිස් ඊට විරුද්ධව පාරට බැස ආණ්ඩුව එළවා දැමිය යුතු බවට හඬ නඟන බවත්ය.

ජනාධිපතිවරයා එහිදී මෙසේද සඳහන් කළේය.

“අපේ අරමුණ සෑම කෙනාටම නීතිය එක ලෙස ක්රිපයාත්මක වෙන රටක් නිර්මාණය කිරීමයි. නීතිය නවලා වැඩ කරන්න බැහැ. නීතිය සැමට සමානව ක්රි්යාත්මක වන රටක් හදන එක ලේසි නැහැ. නීතිය සාධාරණව ක්රිකයාත්මක කරන්න හදනකොට පැරණි නීතියෙන් රැකවරණය ලබපු අය, එයින් ආරක්ෂාව ලබපු අය පාරට බහිනවා, ආණ්ඩුව එලවන්න ඕන කියනවා. එයාලට නීතිය සමානව ක්රිවයාත්මක රටක ජීවත් වෙලා පුරුදු නැහැ. නීතිය සැමට සමානව ක්රි යාත්මක කරනකොට ඒකට විරුද්ධ වෙන්නේ නීතිය නොසලකා වැඩ කරපු අය, නීතිය නොසලකා වංචා දූෂණය කරපු අය, අපරාධ කරපු අය. සමහර අය හිතාගෙන හිටියා නීතිය ඒගොල්ලෝ ගාවට ළං වෙන්නේ නෑ කියලා. නීතිය වනාහි මකුළු දැලක්, ඒකට අහුවෙන්නෙ පොඩි පොඩි කෘමි සත්තු විතරයි. ලොකු ලොකු සත්තු මකුළු දැල කඩාගෙන යනවා. එහෙම තමයි ඒ අය හිතාගෙන හිටියේ. එහෙම තමයි මේ රට තිබුණේ. නමුත් අද අපි ඔප්පු කර තිබෙනවා ඒ හැමෝටම නීතිය අදාළයි කියලා. නීතියට ළඟා වෙන්න බැරි තැනක් නැහැ, බැරි පුද්ගලයෙක් නැහැ කියලා. ඒ නිසා අද බන්ධනාගාර ප්රෙවෘත්ති කියලා වෙනම ප්රැවෘත්ති ශීර්ෂයක් හදන්න වෙලා තියෙනවා. ඒ තරමටම නීතිය ක්රිායාත්මක වෙනවා.”