June 3, 2026

අපේ කුඩා කාලය ලස්සන කරපු Woody, Buzz සහ Jessie ඇතුළු සෙල්ලම් බඩු රැල නැවතත් කරළියට එනවා.

එහෙත් මෙවර ඔවුන්ට සටන් කරන්න වෙන්නේ වෙනදා වගේ නපුරු සෙල්ලම් බඩු එක්ක නෙවෙයි, වර්තමාන ළමා පරපුරම ගිලගෙන තියෙන “තිර ඇබ්බැහිය” (Screen Addiction) සමග.

Toy Story 5 චිත්‍රපටයේ එන අලුත්ම දුෂ්ටයා වෙන්නේ “Lilypad” (ලිලිපෑඩ්) වන අතර, ඇයට හඬ කවන්නේ ප්‍රකට නිළි Greta Lee විසින්.

චිත්‍රපටය ගැන අදහස් දක්වමින් සුපිරි නළු ටොම් හෑන්ක්ස් පවසන්නේ, වත්මන් දරුවන් දුරකථන තිරවලට ඇබ්බැහි වී සිටින ආකාරය දකිද්දී සැබවින්ම “හදවතට මහා බියක්” දැනෙන බවයි.

Taylor Swift ගේ අලුත්ම ගීතයකින්ද හැඩවෙන Toy Story 5 මේ මස අගදී ලොව පුරා තිරගත වීමට නියමිතයි.