
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අනුරාධපුර රුවන්වැලිසෑය අභියස මාරාන්තික උපවාසයක නියැලී සිටින බලංගොඩ කස්සප භික්ෂුවට ප්‍රකාශයක් ලබාදීම සඳහා හෙට (13) කොළඹ දිස්ත්‍රික් අපරාධ කොට්ඨාසය වෙත පෙනීසිටින ලෙස දන්වා ඇත.
පොලිසියට අනුව, මෙම කැඳවීම සිදුකර ඇත්තේ ඔක්තෝබර් 17 වැනි දින කොළඹ විහාරමහා දේව උද්‍යානයේ පැවති සත්‍යග්‍රහ උද්ඝෝෂණයකදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් අතරතුර තමන්ට පොලිස් නිලධාරීන් විසින් පහරදුන් බවට එම භික්ෂුව විසින් කරන ලද චෝදනාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණයකට අදාළවය.
ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා බදාදා (11) උදෑසන 10.00ට කොළඹ දිස්ත්‍රික් අපරාධ කොට්ඨාසයේ 02 වන විමර්ශන ඒකකය හමුවේ පෙනීසිටින ලෙස එම භික්ෂුවට මීට පෙර දැනුම් දී තිබිණි.
උඩමළුව පොලිස් ස්ථානය හරහා කස්සප භික්ෂුවට මෙම නොතිසි යොමුකර ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය.
කෙසේවෙතත්, භික්ෂුව එම විමර්ශන ඒකකය හමුවේ පෙනීසිටියේවත්, පැමිණීමට නොහැකි වන බව බලධාරීන්ට දැන්වූයේවත් නැත.
ඒ අනුව, බලංගොඩ කස්සප භික්ෂුවට හෙට (13) කොළඹ දිස්ත්‍රික් අපරාධ කොට්ඨාසය හමුවේ පෙනීසිටින ලෙසන් නව නොතිකියක් නිකුත් කිරීමට උඩමළුව පොලිසිය පියවර ගෙන ඇත.
අනුරාධපුර පූජනීය නගර සංවර්ධන ව්‍යාපෘතියට විරුද්ධව අනුරාධපුර රුවන්වැලිසෑය අසල මාරාන්තික උපවාසයක නියැලී සිටින බෞද්ධ භික්ෂූන් අතර බලංගොඩ කස්සප භික්ෂුවද වෙයි.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart