November 12, 2026

එමිරේට්ස් ගුවන් සේවය සමඟ පැවති හවුල්කාරිත්වය අවසන් කිරීමෙන් පසුව, 2008 වසරේ සිට මේ දක්වා ශ්‍රීලංකන් ගුවන් සේවය රුපියල් බිලියන 528 ක සමුච්චිත පාඩුවක් ලබා ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක අනාවරණය කළේය.

අද (නොවැම්බර් 12) පාර්ලිමේන්තුවේදී 2027 අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා කියාසිටියේ, පෞද්ගලික කාරණයක් මුල්කර ගනිමින් එම හවුල්කාරිත්වය අවසන් කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගත් තීරණයෙන් අනතුරුව මෙම පාඩුව සිදු වූ බවයි.

වසර 10 ක හවුල්කාරිත්වයකින් පසු 2008 මාර්තු මාසයේදී එමිරේට්ස් කළමනාකරණ ගිවිසුම අවසන් වූ අතර, ඉන් අනතුරුව ජාතික ගුවන් සේවයේ කළමනාකාරිත්වය ශ්‍රී ලංකා රජය විසින් පවරාගන්නා ලදී.