
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මුම්බායි හි පැවැත්වීමට නියමිත ‘ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන 2023’ තරගාවලියේ කාලසටහන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) අද(27) ප්‍රකාශයට පත් කර ඇත.
මෙතෙක් පැවති විශාලතම ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය වන මෙයට කණ්ඩායම් 10ක් ඇතුළත් වන අතර, ඔක්තෝබර් 05 සිට නොවැම්බර් 19 දක්වා ක්‍රීඩාංගණ 10ක් පුරා පැවැත්වීමට නියමිතය.
තරඟාවලියේ ආරම්භක තරඟය සහ අවසන් තරඟය සඳහා සත්කාරකත්වය දරන්නේ ඉන්දියාවේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයයි.
තරග පැවැත්වෙන අනෙකුත් ක්‍රීඩාංගණ නවය වන්නේ බැංගලෝර්, චෙන්නායි, දිල්ලි, ධර්මසාලා, හයිද්‍රාබාද්, කොල්කටා, ලක්නව්, මුම්බායි සහ පූනේ ය.
2019 ලෝක කුසලානයේ අවසන් තරඟකරුවන් වූ වත්මන් ලෝක ශූර එංගලන්තය සහ නවසීලන්තය අතර තරඟය අහමදාබාද් හිදී පැවැත්වෙන ආරම්භක තරඟය වේ.
සත්කාරක ඉන්දියාව සහ පස් වතාවක් ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියාව අතර තරඟය ඔක්තෝබර් 08 වැනිදා චෙන්නායිහිදී පැවැත්වීමට නියමිතව ඇත.
සාම්ප්‍රදායික ප්‍රතිවාදීන් වන ඉන්දියාව සහ පාකිස්ථානය ඔක්තෝබර් 15 ද, ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය නොවැම්බර් 04 ද අහමදාබාද් හි දී තරග වදිනු ඇත.
දින 46ක තරගාවලිය සඳහා කණ්ඩායම් අටක් සුදුසුකම් ලබා ඇති අතර, සිම්බාබ්වේ හි පැවැත්වෙන ICC ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරඟයේ අවසන් කණ්ඩායම් විසින් අවසන් ස්ථාන දෙක ලබා ගනු ඇත.
මෙම තරඟාවලිය පසුගිය වතාවේ පැවැති ‘රවුන්ඩ් රොබින්’ ආකෘතිය යටතේ, සියලුම කණ්ඩායම් එකිනෙකාට එරෙහිව තරඟ 45ක් ලීග් ක්‍රමයට ක්‍රීඩා කරනු ලබයි.
තරග ජයගන්නා පිළිවෙල අනුව පළමු කණ්ඩායම් හතර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර, එම තරග නොවැම්බර් 15 වැනිදා මුම්බායිහිදී සහ නොවැම්බර් 16 වැනිදා කොල්කටාහිදී පැවැත්වේ.
අවසන් මහා තරගය නොවැම්බර් මස 19වැනිදා පැවත්වෙනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart