
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේදී, පසුගිය ලෝක ශුරයන් වූ එංගලන්ත කණ්ඩායම හමුවේ පෙරළිකාර ජයක් ලබන්නට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඊයේ සමත් විය.
ලකුණු 69කින් ලබාගත් එම ජයග්‍රහණය අන්තර්ජාතික ක්‍රිකට් තරග ඉතිහාසයේ ඇෆ්ගනිස්ථානය විසින් ඕනැම තරග රටාවක එංගලන්තය පරාජයට පත්කළ පළමු අවස්ථාව ලෙස ක්‍රිකට් ඉතිහාස පොතේ ලියැවිණි.
ඇෆ්ගනිස්ථාන කණ්ඩායම එංගලන්ත කණ්ඩායමේ ආරධනයෙන් පළමුව පන්දුවට පහරදී පන්දුවාර 49යි පන්දු 5කදී සියලුදෙනා දැවී ලකුණු 284ක් රැස්කර ගැනීමට සමත් විය.
ඇෆ්ගනිස්ථාන පිල වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිරත වූ රහ්මානුල්ලා ගුර්බාස් පන්දු 57කදී ලකුණු 80ක් රැස්කර ගත්තේ, දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ පහර 8ක් එල්ල කරමිනි.
පන්දු යැවීමේදී එංගලන්ත පිල වෙනුවෙන් ආදිල් රෂීඩ් කඩුළු 03ක් සහ මාර්ක් වූඩ් කඩුළු 02 ක් බිඳහෙළූහ.
අනතුරුව පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 40යි පන්දු 03 ක් අවසානයේ ලකුණු 215කට සියලුදෙනා දැවි ගියේය.
එංගලන්ත පිල වෙනුවෙන් හැරී බෲක් ලකුණු 66ක් රැස්කර ගත්තේය.
පන්දු යැවීමේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් රෂීඩ් ඛාන් සහ මුජීබ් උර් රහ්මාන් කඩුළු 03 බැගින් දවා ගත් අතර මොහොමඩ් නබි දවාගත් කඩුලු සංඛ්‍යාව 02කි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart