
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 400 x4 සහාය දිවීමේ ඉසව්ව සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබා තිබේ.
හංගේරියාවේ පැවැත්වෙන මෙම තරගාවලිය අගෝස්තු 19 වැනිදා ආරම්භ වීමට නියමිතය.
තරගාවලියේ මෙම ඉසව්ව සඳහා සහභාගීවන කණ්ඩායම් සංඛ්‍යාව 16කි.
මේ අතර, ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය සඳහා මීටර් 100 ඉසව්ව වෙනුවෙන් සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් මෙම තරගාවලිය සඳහා සහභාගි නොවන බව මේ වනවිට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
ඊට හේතුව සිය පාදයක පවතින මස්පිඬු අබාධය පූර්ණ වශයෙන් සුව නොවීම බව යුපුන් විසින් ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමයට දැනුම් දී ඇත.
එම අබාධ තත්ත්වය මත යුපුන් අබේකෝන්ට තායිලන්තයේ පැවැති ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියට ද සහභාගි විමට නොහැකි විය.
කෙසේ වෙතත්, සැප්තැම්බර් 29 වැනිදා සිට ඔක්තෝබර් 05 වැනිදා දක්වා චිනයේදී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ස්ථිර වශයෙන්ම තරග වදින බව ඔහු මළල ක්‍රීඩා සංගමයට දැනුම් දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart