
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ස්ත‍්‍රී-පුරුෂ භේදය අවම කිරීම සඳහා කාන්තා ශ‍්‍රම බලකායට අදාළ නීති ප‍්‍රතිසංස්කරණ සිදුකළ යුතු බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර පවසයි.
ශ්‍රී ලංකාවේ කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්වය 33%කට ආසන්න බව ඇමැති නානායක්කාර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ලිංග භේදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ 20 වැනි ස්ථානයේ පසුවන බව ඔහු පෙන්වාදෙයි.
දැනට සාකච්ඡා කෙරෙන කම්කරු නීති ප්‍රතිසංස්කරණවල අවධානය යොමු වන්නේ, කාන්තාවන්ට රාත්‍රී කාලයේ සේවය කිරීමට පවතින සීමා ඉවත් කිරීම සහ අර්ධකාලීන හා නම්‍යශීලී රැකියා ලබාදීම තුළින් කාන්තා සහභාගීත්වය ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමුකරමින් බව ඇමතිවරයා පෙන්වාදෙයි.
සාම්ප්‍රදායිකව පිරිමින් විසින් කරන රැකියා සඳහා කාන්තාවන් වෙනුවෙන්ද කෝටාවක් වෙන් කළ යුතු බව ඇමැති මනූෂ නානායක්කාර් අවධාරණය කරයි.
ශ්‍රී ලංකාවේ කම්කරු නීති ප්‍රතිසංස්කරණ සඳහා කම්කරු අමාත්‍යාංශය මේ වන විට කටයුතු කරමින් සිටී.
නව ඒකාබද්ධ කම්කරු නීති පද්ධතියක් සඳහා මෙතෙක් ලැබී ඇති යෝජනාවල සාරාංශයක් ජූනි 14 වැනිදා ජාතික කම්කරු උපදේශක සභාවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart