March 7, 2025

බස් රථ සහ දුම්රිය සේවා ඇතුළුව ප්‍රවාහන ක්ෂේත්‍රය සඳහා කාන්තාවන් බඳවාගැනීමට ප්‍රවාහන අමාත්‍යාංශය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

අද පාර්ලිමේන්තුව අමතමින් ඔහු කියාසිටියේ අන්තර්ජාතික කාන්තා දිනයට සමගාමීව මෙම ප්‍රතිපත්තිමය තීරණය ක්‍රියාත්මක කරන බවයි.

ඉදිරි වසර තුළදී ශ්‍රී ලංකාවට බස් රථ රියදුරන් ලෙස කාන්තාවන් සහ දුම්රිය නියමුවරියන් සහ නියාමකවරියන් දැකගැනීමට හැකිවනු ඇතැයි ඔහු පැවසුවේය.

එමෙන්ම අමාත්‍යවරයා පෙන්වාදුන්නේ, ඉදිරියේදී පාසල් බස් රථ සේවාව සඳහා ද තවත් රියදුරන් ලෙස කාන්තාවන් බඳවා ගැනීමට බලාපොරොත්තු වන බවයි.

ප්‍රවාහන අමාත්‍යාංශයේ අය-වැය විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.