
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සුපිරි ක්රිකට් ක්රීඩිකා චමරි අතපත්තුගෙන් පසු එක්දින ක්රිකට් ඉතිහාසයේ ශතකයක් ලබාගත් ශ්රී ලාංකීය ක්රිකට් ක්රීඩිකාව බවට පත්වීමට 18 හැවිරිදි විශ්මි ගුණරත්න අද සමත්ව තිබේ.
අයර්ලන්තයට එරෙහි තරග තුනකින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගයේදි විශ්මි සිය මංගල ශතකය වාර්තා කරන්නේ එවැනි දක්ෂතාවක් දැක්වූ ලබාලතම ශ්රී ලංකා කාන්තා ක්රිකට් ක්රිඩිකාව වෙමිනි.
චමරි අතපත්තු වයස අවුරුදු 21දි එක්දින ශතකයක් වාර්තා කරමින් එම වාර්තාවට මීට පෙර හිමිකම් කියන ලදී (චමරි එක්දින ශතක 09ක් මේ වන විට වාර්තා කර තිබේ).
අද තරගයේ පළමුව පන්දුවට පහරදිමට පැමිණි ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු කිසිදු ලකුණක් නොලබා පිටියෙන් ඉවත්ව යද්දී එහි වගකීම භාරගත් විශ්මි පන්දු 98කදී හතරේ පහර 09ක් සහ හයේ පහර 03ක් සමගින් ලකුණු 101ක් වාර්තා කරමින් ඓතිහාසික ඉනිම නිමාකළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart