
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කපිල චන්ද්‍රසේනගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ 19 වැනි සහ 20 වැනි සාක්ෂිකරුවන් වන ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥ උදාර මුහන්දිරම්ගේ සාක්ෂි දීම අවශ්‍ය ද නැද්ද යන්න පිළිබඳ තීන්දුව ලබන ජූනි මස 2 වැනිදා ප්‍රකාශයට පත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද නියෝග කළේය.
කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (29) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේදී කැඳවනු ලැබීය.
එහිදී, මියගිය කපිල චන්ද්‍රසේන වෙත නීති උපදෙස් ලබා දී තිබූ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥ උදාර මුහන්දිරම්ගේ කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) මඟින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා සාක්ෂි දීමට අද අධිකරණයේ පෙනී සිටියහ.
එම අවස්ථාවේදී, ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න සහ නීතිඥ උදාර මුහන්දිරම්ගේ යන දෙදෙනාගේ හිමිකම් සහ අයිතිවාසිකම් වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය ඇතුළු නීතිඥවරුන් පිරිසක් අධිකරණයේ පෙනී සිටියහ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය එහිදී අධිකරණයට පෙන්වා දුන්නේ, මෙම මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී සාක්ෂි දීම සඳහා 19 වැනි සහ 20 වැනි සාක්ෂිකරුවන් වන ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥ උදාර මුහන්දිරම්ගේ අධිකරණය හමුවට කැඳවීම අත්‍යවශ්‍ය ද යන්න පිළිබඳ මහේස්ත්‍රාත්වරයාට සලකා බලා තීරණයක් ගත හැකි බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart