
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැදපෙරදිග කලාපයේ ඉහළ යමින් තිබෙන ආතතිය හේතුවෙන්, ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය අවිනිශ්චිත වී තිබේ.
මාර්තු 13 සිට 25 දක්වා මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබිණි.
එක්සත් ජනපද-ඊශ්‍රායල් ප්‍රහාරවලින් ඉරානයේ උත්තරීතර නායකයා මිය ගිය බවට වාර්තා වීමෙන් පසු කලාපයේ ඇතැම් ප්‍රදේශවලට ඉරාන ප්‍රහාර එල්ල වීමත් සමග මෙම ආතතිය වර්ධනය විය.
අවසන් තීරණයක් ගැනීමට පෙර දැනට පවතින තත්ත්වයන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා පැවසීය.
“අපි මාර්තු 10 වැනිදා ඩුබායි යෑමට නියමිතයි. තීරණයක් ගැනීමට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉදිරි දින කිහිපය තුළ තත්ත්වය තක්සේරු කළ යුතුයි,” යනුවෙන් ද සිල්වා පැවසීය.
“මැදපෙරදිග තත්ත්වය අපි සමීපව නිරීක්ෂණය කරමින් සිටිනවා. මෙය දිගටම පැවතුනහොත්, ඇෆ්ගනිස්ථානයට පවා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යෑමට නොහැකි වෙයි කියලා මම හිතන්නේ. ආරක්ෂාව අපගේ ප්‍රධාන සැළකිල්ලයි. සුළු හෝ අවදානමක් තිබෙනවා නම්, අපි සංචාරය කරන්න නැහැ.” යැයි ද ඔහු පැවසීය.
කණ්ඩායම් දෙක මාර්තු 13, 15 සහ 17 යන දිනවල සාජාහිදී T20 අන්තර්ජාතික තරග තුනක් ක්‍රීඩා කිරීමට නියමිත අතර, මාර්තු 20, 22 සහ 25 යන දිනවල ඩුබායිහිදී එක්දින අන්තර්ජාතික තරග තුනක් ක්‍රීඩා කිරීමට නියමිතය.
ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථාන අසල ප්‍රදේශ ඇතුළුව කලාපයේ ඇතැම් ප්‍රදේශවලට ප්‍රහාර එල්ල වූ බවට වාර්තා හේතුවෙන් සංචාරය පිළිබඳ සහ ආරක්ෂාව පිළිබඳ ගැටළු මතු වී ඇති අතර, ඇතැම් ගුවන් සමාගම් සේවා තාවකාලිකව අත්හිටුවීමට පෙළඹී ඇත.
ක්‍රීඩක ආරක්ෂාව ප්රමුඛස්ථානයක් ලෙස සළකමින් ඉදිරි දිනවලදී සංචාරය පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart