
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව සඳහා වන විස්තීරණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය පිළිබඳ පළමු සමාලෝචනය කිරීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත කණ්ඩායමක් අද මෙරටට පැමිණීමට නියමිතය.
මූල්‍ය අරමුදලේ (IMF) කණ්ඩායම 2023 සැප්තැම්බර් 13 සහ 27 අතර කොළඹ රැඳී සිටීමට නියමිත බව IMF ප්‍රකාශකයෙක් මීට පෙර පැවසීය.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීම සඳහා 2023 මාර්තු මාසයේදී IMF මණ්ඩලය විසින් ඩොලර් බිලියන 03ක පමණ විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ මාස 48ක දීර්ඝ වැඩපිළිවෙලක් අනුමත කරන ලදී.
EFF අනුග්‍රහය දක්වන වැඩසටහනේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම, දිළිඳු සහ අවදානමට ලක්විය හැකි අය මත ආර්ථික බලපෑම අවම කිරීම, මූල්‍ය අංශයේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සහ පාලනය සහ වර්ධන විභවයන් ශක්තිමත් කිරීමයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart