October 19, 2026

තුවාල ලබා සිටින බව පැවසෙන අග්බෝ නමැති හස්තියා ආරක්ෂිතව සහ සුවෙන් සිටින බව වනජීවී ආරංචි මාර්ගවලින් තමාට ලැබුණු විශ්වාසදායක තොරතුරු මත පදනම්ව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර ඇත.

X සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් මේ බව පැවසූ ඔහු හස්තියා සොයා ගැනීමේ මෙහෙයුමට සහභාගී වූ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට සිය ප්‍රශංසාව පුද කර තිබේ.

“වනජීවී ආරංචි මාර්ගවලින් ලැබුණු විශ්වාසදායක තොරතුරුවලට අනුව, අග්බෝ ඉතා හොඳින් සහ සුවෙන් සිටියි,” යනුවෙන් ඔහු සඳහන් කර ඇත.

මෙම මෙහෙයුම සාර්ථක කර ගැනීමට වනජීවී නිලධාරීන් සහ හමුදා පිරිස් ගත් උත්සාහය ද ඔහු අගය කර තිබේ.