
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවැනි සම්මේලනයේදී අලුතින් නිලධාරී මණ්ඩලයක් පත්වන්නේ නැතැයි එහි ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ‘ඉරිදා මව්බිම’ පුවත්පතට පවසා ඇත.
සම්මේලනය හරහා විධායක සභාව අලුතින් පත්කෙරෙන්නේ යැයි ද එම විධායක සභාව හරහා නව නිලධාරීන් පත්කිරීම ඉන්පසුව සිදුවන්නේ යැයි ද ඔහු පවසයි.
එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකත්වයේද කිසිදු වෙනසක් සිදුනොවන බවත්, ඒ අනුව මහින්ද රාජපක්ෂ තවදුරටත් පක්ෂ නායකයා වශයෙන් කටයුතු කරන බවත්, මන්ත්‍රීවරයා සඳහන් කරයි.
පක්ෂයක් ලෙස ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට ශක්තිමත් අපේක්ෂකයන් කිහිපදෙනකුම සිටින්නේ යැයි ද, පක්ෂය විසින් එයින් එක් අයකු තෝරාගෙන පක්ෂ නායකයා මඟින් එය ප්‍රකාශයට පත්කරනු ඇතැයිද ඔහු සඳහන් කර තිබේ.
ඒ අනුව මෙවර පක්ෂ සම්මේලනයේ මූලික අරමුණක් වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ශක්තිමත් විධායක සභාවක් පත්කර ගැනීම යැයි ද ඔහු පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු ලංකාවේ පක්ෂ අතර අපරාජිත ලාබාලතම පක්ෂය යැයි ද ඉදිරි මැතිවරණවලදී එය යළි යළිත් සනාථ වනු ඇතැයිද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart