
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දික්කසාදයට අදාළ නීති සංශෝධනය කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ සඳහන් කරයි.
නූතන සමාජයේ අවශ්‍යතා සපුරාලීම සඳහා මෙලෙස නව ප්‍රතිපාදන හඳුන්වාදෙන බවද ඇමැතිවරයා පවසයි.
දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිලිබඳ පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේදී හෙතෙම මෙම අදහස් පළකර ඇත.
අධ්‍යාපන නිලධාරිනියකගේ බිරිඳ වෙනත් නිලධාරිනියක් සමඟ ලිංගිකව එක්වීමට උත්සාහ කළත්, එය අසාර්ථක වූ බව දැනගත් සැමියා ඇයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන දික්කසාදයක් ඉල්ලා සිටීමේ කතාවක් පිළිබඳව ද ඔහු මේ අවස්ථාවේදී ප්‍රකාශ කර තිබේ.
යම් කෙනෙක් තම සහකරු හෝ සහකාරිය වෙනත් අය සමඟ සමලිංගික සබඳතාවක් පවත්වා ඇති බව දැනගත් විටද දික්කසාදය ඉල්ලා සිටීමට ශ්‍රී ලංකාවේ නීති ප්‍රතිපාදන කර නොමැති බවද හෙතෙම සඳහන් කරයි.
එම නිසා දික්කසාදයට අදාළ නීති වෙනස් කිරීමට සැලසුම් කර ඇතැයි ඔහු වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart