
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2027 අයවැය මගින් ක්ෂේත්‍ර පැමිණීමේ සහ ප්‍රවාහන දීමනාව (FAT) යළි ස්ථාපිත කිරීමට රජය අපොහොසත් වීමට විරෝධය පළ කරමින්, රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය අද දිවයින පුරා සංකේත වැඩවර්ජනයක් ප්‍රකාශයට පත් කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කළේ සිය ඉල්ලීම්වලට නිසි විසඳුම් නොලැබුණහොත් ලබන සඳුදා දිනයේදී තවත් දීපව්‍යාප්ත වැඩවර්ජනයක් සහ දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන බවයි.
පවතින ආර්ථික තත්ත්වය සහ ක්ෂේත්‍ර රාජකාරිවල නිරත වීමේදී ඉංජිනේරුවරුන්ට දැරීමට සිදුවන වියදම් සැලකිල්ලට ගනිමින්, රුපියල් 75,000ක ක්ෂේත්‍ර පැමිණීමේ සහ ප්‍රවාහන දීමනාව යළි ලබා දෙන ලෙස එම සංගමය රජයෙන් ඉල්ලා සිටී.
2012 වසරේ සිට ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ නිලධාරීන්ට මෙම දීමනාව හිමිව තිබූ නමුත් 2024 වසරේදී එය අත්හිටුවනු ලැබූ බව සංගමය පෙන්වා දෙයි. 2027 අයවැය මගින් මෙම දීමනාව යළි ස්ථාපිත කරන බවට එකඟතාවක් තිබුණද, රජය සිය ඉල්ලීම සම්පූර්ණයෙන්ම නොසලකා හැර ඇති බවට ඔවුහු චෝදනා කරති.
ඒ අනුව, සාමාන්‍ය රාජකාරි වේලාවෙන් පරිබාහිරව සිදුකරන සියලුම ක්ෂේත්‍ර පරීක්ෂණ සහ රාජකාරිවලින් ඉවත් වීම ඇතුළු වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාවක් දියත් කිරීමට සංගමයේ විධායක කමිටුව තීරණය කර ඇත.
මීට අමතරව, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම්, පළාත් බලධාරීන් සහ දේශපාලනඥයන් සහභාගී වන රැස්වීම් මෙන්ම නිල විවෘත කිරීමේ උත්සව වර්ජනය කිරීමට ද ඉංජිනේරුවරුන් පියවර ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart