
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉස්සන් ගොවිපළක් පිහිටුවීම සඳහා විල්පත්තුව ආශ්‍රිත විඩතලතිව් ස්වාභාවික රක්ෂිතයෙන් ඉඩම් අක්කර 168ක් නිදහස් කිරීමට පසුගිය රජය යටතේ වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
ඒ අනුව පසුගිය රජයේ තීරණය අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ පෙත්සමක් ජනාධිපති නීතීඥ එස්.තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී.නවාස් සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ (12) කැඳවූ අවස්ථාවේදී එම අතුරු නියෝගය ලබන වසරේ (2025) ජූලි 29 වැනිදා දක්වා දීර්ඝ කෙරිණි.
මෙම නඩු විභාගයේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ෆස්ලි රාසික් අධිකරණයට දන්වා සිටියේ අදාළ ගැසට් නිවේදනය සමාලෝචනය කිරීමට නව රජය තීරණය කර ඇති නිසා ඊට අදාළ මීළඟ පියවර දැනුම්දීම සඳහා නඩුවට නව දිනයක් ඉල්ලා සිටින බවයි.
ඒ අනුව නඩුව ජූලි මස 29 වැනිදා යළි කැඳවීමට නියම කළ අධිකරණය එදින දක්වා ඒ සම්බන්ධයෙන් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය දීර්ඝ කළේය.
එවක වනජීවී ඇමැතිවරයා පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කරමින් අදාළ පෙත්සම් ගොනුකර තිබුණේ වනජීවී සංරක්ෂණ සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart