
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාවේ ආදායම් බුද්ධි අධ්යක්ෂ මණ්ඩලය (DRI) විසින්, පාකිස්තානයේ නිෂ්පාදිත කිලෝග්රෑම් 7,300,000 කට අධික රොක් සෝල්ට් (ගල් ලුණු) තොගයක් ශ්රී ලංකාව හරහා යවා, එහි සැබෑ මුල්ප්රභවය වසන්කිරීම සඳහා ව්යාජ වෙළඳ ලේඛන භාවිත කරමින් නීතිවිරෝධී ලෙස ආනයනය කළ අන්තර්ජාතික ජාවාරම් ජාලයක් මර්දනය කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් හතරදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව මුදල් අමාත්යාංශය බදාදා ප්රකාශ කළේය.
‘ඩීප් මැනිෆෙස්ට්’ මෙහෙයුම යටතේ, ශ්රී ලංකා රුපියල් මිලියන 104.5 ක පමණ ඇස්තමේන්තුගත වටිනාකමකින් යුත් කාර්මික සහ හිමාලයන් ගල් ලුණු මෙට්රික් ටොන් 7,311 ක් (කන්ටේනර් 295 ක්) රැගත් නැව්ගත කිරීම් හඳුනාගෙන තිබේ.
මෙම භාණ්ඩ තොග ශ්රී ලංකාවේ කොළඹ වරාය හරහා ගෙනගොස් ඇති අතර, භාණ්ඩ වෙනත් රටකින් නිෂ්පාදනය වූ ඒවා ලෙස පෙන්වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්යයේ ආයතන විසින් නිකුත් කරන ලද බවට ව්යාජ ලෙස සකස් කරන ලද නිජබිම් සහතික සහ ඉන්වොයිසි භාවිත කර ඇත.
මෙම ආනයන මගින් පාකිස්තානයෙන් නිෂ්පාදිත හෝ අපනයනය කරන ලද භාණ්ඩ මත ඉන්දියාව පනවා ඇති තහනම උල්ලංඝනය කර ඇති බව අමාත්යාංශය පවසයි.
බුද්ධි තොරතුරු මත පදනම්ව, සැප්තැම්බර් 26 සහ ඔක්තෝබර් 11 අතර කාලය තුළ DRI ආයතනය විසින් ගාන්ධිධාම්, ආදිපූර්, වෙරාවල්, පානිපත්, පූනේ, පැටියාලා, දිල්ලි සහ මුම්බායි යන ප්රදේශවල සැකකටයුතු ජාලයට සම්බන්ධ ස්ථාන පරීක්ෂා කරමින් සංවිධානාත්මක මෙහෙයුමක් දියත්කර ඇත.
2026 මාර්තු මාසයේ සිට ආනයනකරුවන් නම දෙනෙකු මුන්ද්රා සහ කාන්ද්ලා වරායන් හරහා මෙම කන්ටේනර් 295 රට තුළට ගෙනැවිත් ඇති බව පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.
හඳුනාගත් මුළු භාණ්ඩ තොගයෙන්, ශ්රී ලංකා රුපියල් මිලියන 8.48 ක් වටිනා කාර්මික සහ හිමාලයන් ගල් ලුණු මෙට්රික් ටොන් 140 ක් රැගත් කන්ටේනර් පහක් කාන්ද්ලා වරායේදී අත්අඩංගුවට ගෙන ඇත.
මීට අමතරව, ආනයනකරුවන්ගේ බැංකු ගිණුම්වල තිබී ශ්රී ලංකා රුපියල් මිලියන 7.3 ක විකුණුම් ආදායමක්ද ආයතනය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මුදල් අමාත්යාංශයට අනුව, පාකිස්තානු, එමීර් රාජ්යයේ (UAE), ශ්රී ලංකා සහ ඉන්දීය ජාතිකයන්ට අයත් ආයතන සම්බන්ධ හරස්-දේශසීමා ජාලයක් මූලික පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
මෙම ආයතන ගල් ලුණු වල පාකිස්තානු මුල්ප්රභවය වසන් කිරීම සඳහා නැව්ගත කිරීම් සහ ඊට අදාළ ලියකියවිලි සම්බන්ධීකරණය කර ඇති බව අමාත්යාංශය පවසයි.
ඩුබායිහි පිහිටි සමාගම් විසින් නිකුත් කරන ලද ව්යාජ ඉන්වොයිසි මෙම ගනුදෙනු සඳහා භාවිත කර ඇත.
කෙසේවෙතත්, ශ්රී ලංකාවේ නැව්ගත කිරීමේ ලේඛන සහ රේගු ප්රකාශන මගින් ඉන්දියාවේ ආනයනකරුවන් විසින් ඉදිරිපත් කරන ලද ලියකියවිලි වලට පටහැනි විස්තර අනාවරණය වී ඇත.
පාකිස්තානයේ සිට ශ්රී ලංකාව දක්වා වූ නැව්ගත කිරීමේ අදියර සඳහා වන බිල්පත් මෙන්ම ශ්රී ලංකා රේගුව වෙත ඉදිරිපත් කරන ලද ප්රකාශන මගින් පාකිස්තානය නිෂ්පාදිත රට ලෙසත් ඉන්දියාව අවසාන ගමනාන්තය ලෙසත් පැහැදිලිව සඳහන් කර තිබේ.
ආනයනකරුවන් විසින් ඉදිරිපත් කරන ලද නිජබිම් සහතික ව්යාජ ඒවා බව අමාත්යාංශය වැඩිදුරටත් ප්රකාශ කළේය.
නිජබිම් සහතික යනු භාණ්ඩ නිෂ්පාදනය කර ඇති හෝ සකස් කර ඇති ස්ථානය තහවුරු කිරීම සඳහා භාවිත කරන වෙළඳ ලේඛන වේ.
එවැනි ලේඛන මගින් නැව්ගත කිරීමක් රටක ආනයන නීති යටතේ ඇතුළුවීමට සුදුසුකම් ලබන්නේද යන්න තීරණය කළ හැකිය.
මෙම ජවාරමේදී , මෙම ව්යාජ ලෙස සකස්කිරීමේ අරමුණ වූයේ භාණ්ඩවල පාකිස්තානු මුල්ප්රභවය වසන් කර ඉන්දියාවේ ආනයන සීමා මඟහැරීමයි.
මෙම ජාවාරම් මෙහෙයුමට සම්බන්ධ පුද්ගලයන් හතරදෙනකු 1962 රේගු පනත යටතේ DRI ආයතනය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart