
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බරපතල චෝදනා එල්ල වී ඇති අමාත්‍යවරයකු බලශක්ති අමාත්‍ය ධුරයේ තවදුරටත් රැඳී සිටිය යුතුද යන්න තීරණය කිරීම ජනාධිපතිවරයාගේ වගකීමක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසයි.
ඖෂධ මිලදී ගැනීම් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට චෝදනා එල්ල වූ විට, ඔහුව අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී දැඩි ලෙස හඬ නැගූ බවත්, දැන් ඔහු එය ක්‍රියාවෙන් පෙන්වාදිය යුතු බවත් ඊයේ (15) මාධ්‍ය අමතමින් ඔහු කියාසිටියේය.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් එසේ හඬ නැගූ විට, එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ බවත් ඔහු පැවසීය.
යහපාලනය සහ පිරිසිදු රාජ්‍ය පාලනයක් ගැන දේශනා කළ කණ්ඩායමක සාමාජිකයකුට එරෙහිව එල්ල වන බරපතල චෝදනාවලින් ජනාධිපති අනුර කුමාර දිසානායක කම්පා නොවන්නේ නම්, එය විනිවිදභාවය පිළිබඳ ප්‍රශ්නයක් මතු කරන බව අජිත් පී. පෙරේරා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart