October 5, 2026

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව ගොනුකර ඇති දූෂණ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් 3 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල හමුවේ නඩුව අද (5) කැඳවූ අතර, එහිදී සාක්ෂිකරුවන්ගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුකෙරිණි.

සාක්ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව, වැඩිදුර නඩු විභාගය නොවැම්බර් 3 වැනිදා දක්වා කල්තැබීමට අධිකරණය නියෝග කළේය.