October 6, 2026

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සිංගප්පූරුව බලා ගොස් සිටි හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැලේසියාවේ සිට ඊයේ(05) රාත්‍රියේ යළි ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

කොළඹ පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව ශිරන්ති රාජපක්ෂ පසුගිය සැප්තැම්බර් 16 වැනිදා සිංගප්පූරුව බලා පිටත්ව ගියාය.

ඇය නැවත දිවයිනට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් පවතින බව දක්වමින්, මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයැදුම්පතක් ඉදිරිපත් කළ දිනයේදීම ඇයගේ මෙම නැවත පැමිණීම සිදුව ඇත.

මෙම ඇප අයැදුම්පත ඉදිරිපත් කර ඇත්තේ ශිරන්ති රාජපක්ෂගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වූ ‘සිරිලිය සවිය’ සංවිධානයට සම්බන්ධ මුල්‍ය ගනුදෙනු පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) පවත්වන පරීක්ෂණයකට මැදිහත්ව ය.

එම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදෙන ලෙස FCID ය ඇයට දැනුම්දී තිබේ.