
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලෝක කුසලානයට සුදුසුකම් ලැබු 09වන කණ්ඩායම ලෙස ශ්‍රී ලංකාව ‘Qualifier 2’ යටතේ තරගාවලියේ මූළික වටයේදි ක්‍රීඩා කිරීමට නියමිතය.
ඒ අනුව එක්දින ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව පළමුව දකුණු අප්‍රිකාව සමග තරග වදින අතර එම තරගය ඔක්තෝබර් 07 වැනිදා දිල්ලි හි පැවැත්වෙනු ඇත.
ඔක්තෝබර් 12වැනිදා පාකිස්ථානය සමගත්, ඔක්තෝබර් 16වැනිදා ඕස්ට්‍රේලියාව සමගත්, ඔක්තෝබර් 21වැනිදා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ Qualifier 01 ස්ථානයට පැමිණෙන කණ්ඩායම සමගත් ශ්‍රී ලංකාව තරග වැදිමට නියමිතය.
එමෙන්ම,ඔක්තෝබර් 26 එංගලන්තය ,ඔක්තෝබර් 30 ඇෆ්ගනිස්ථානය, නොවැම්බර් 02 ඉන්දියාව, නොවැම්බර් 06 බංග්ලාදේශය,නොවැම්බර් 09 නවසීලන්තය සමග ශ්‍රී ලංකාව එක්දින ලෝක කුසලානයේදි තරග වැදීමට නියමිතය.
එක්දින ලෝක කුසලානයේ පළමු තරගය ඔක්තෝබර් මස 05වැනිදා අහමදාබාද් හිදී එංගලන්තය සහ නවසීලන්තය අතර තරගයෙන් ආරම්භ වෙයි.
මූළික තරග නොවැම්බර් 12 දක්වා පැවැත්වෙන අතර අර්ධ අවසන් පුර්ව තරග නොවැම්බර් 15 සහ 16 මුම්බායි සහ කොල්කටාහිදි පැවැත්වෙනු ඇත.
අවසන් මහ තරගය නොවැම්බර් 19 වනදා පැවැත්වෙන්නේ අහමදාබාද් හීදී ය.
සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අද සිම්බාබ්වේ කණ්ඩායම පරාජයට පත්වීම හේතුවෙන් ලෝක කුසලානයේ Qualifier 1 සදහා තේරීපත්වීමට සිම්බාබ්වේට අමතරව ස්කොට්ලන්තයට, නෙදර්ලන්තයට අවස්ථාව පවතියි.
කෙසේ වෙතත්, සිම්බාබ්වේ කණ්ඩායම අනිද්දා ස්කොට්ලන්තය සමග තරග වැදිමට නියමිත අතර එම තරගය ජයගතහොත් ප්‍රසාද ලකුණු 08ක් හිමිකරගනිමින් ඔවුන්ට ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබිය හැකිවේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart