
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව සිය ජාතික ක්‍රිකට් කණ්ඩායම සඳහා දීර්ඝ කාලීන නායකයකු කෙරෙහි අවධානය යොමුකළ යුතු බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ විස්තර විචාරක මාවන් අතපත්තු පවසයි.
සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමින් අතපත්තු පැවසුවේ, සැලසුමක් සකස්කර ඉදිරි වසර දෙක තුන සඳහා ක්‍රිකට් කණ්ඩායමේ කාලසටහන හොඳින් විශ්ලේෂණය කිරීමෙන් පසුව නායකතවය පිළිබඳව තීරණය කළයුතු බවයි.
නායකයා තෝරාගත යුත්තේ කණ්ඩායමේ අවශ්‍යතා මත මිස වෙනත් කාරනා මත නොවන බව පෙන්වාදෙන අතපත්තු, නායකයා කණ්ඩායමේ ස්ථානයක් සොයාගත යුත්තේ ඔහු නායකයා නිසා නොව, ඔහුගේ දස්කම් මත බව වැඩිදුරටත් පෙන්වාදෙයි.
නායකත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චමින්ද වාස් ප්‍රකාශ කරන්නේ, වත්මන් තත්ත්වය මත ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් කණ්ඩායම් දෙකෙහිම නායකත්වය ධනංජය ද සිල්වාට ලබාදීමට තමන් කැමැති බවයි.
පිතිකරණ අනුපිළිවෙල සම්බන්ධයෙන් ධනංජය ද සිල්වාට අසාධාරණයක් සිදුවී ඇති බව පෙන්වාදෙන වාස්, ධනංජය එක්දින තරගාවල අංක 04 ස්ථානයේ ක්‍රීඩා කළයුතු බව පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart