
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු පොලිස්පති චන්දන ඩී. වික්‍රමරත්නට ලබාදී තිබූ දෙවන සේවා දිගුව අවසන්වීමත් සමඟ වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පත්කළ බවට පළව ඇති ජනමාධ්‍ය වාර්තා මහජන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කර ඇත.
ජූනි 26 වැනිදා මුල් සේවා දිගුව අවසන් වූ පොලිස්පතිවරයාට ජූලි 09 වැනිදා ජනාධිපති සහ ආරක්ෂක ඇමැති රනිල් වික්‍රමසිංහ විසින් තවත් මාස තුනක සේවා දිගුවක් ලබා දුන් අතර, එය පසුගිය සඳුදා (09) අවසන් විය.
ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයා ලෙස නිලන්ත ජයවර්ධන පත්කර ඇති බව ඇතැම් ජනමාධ්‍ය ආයතන වාර්තා කර තිබිණි.
කෙසේ වෙතත්, පොලිස්පති ධූරය සඳහා වැඩබලන පත්කිරීමක් සිදුකර නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක සඳහන් කරයි.
පොලිස්පතිවරයාට ලබාදුන් පළමු සේවා දිගුව අවසන් වූ විට වැඩබලන පත්වීමක් සිදු නොකළ අතර, මෙවරද වැඩබලන පොලිස්පතිවරයා ලෙස කිසිවකු පත්කර නොමැති බව ලේකම්වරයා පවසයි.
පොලිස්පති ධූරය සඳහා ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නාමයෝජනා යොමුකිරීම පිළිබඳව මෙතෙක් දැනගැනීමට නොමැති බවද වැඩිදුරටත් වාර්තා වේ.
ඒ අනුව, පසුගිය 09 වැනිදා සිට නිල වශයෙන් පොලිස්පති ධූරය පුරප්පාඩු වී පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart